-
රටකට ව්‍යවස්ථාවක් අවශ්‍ය මැති ...
ඒකාධිපති මාවතෙන් රට නිදහස් කර ගැනීම වෙනුවෙන් සිරගත වීමට වුවත් සූදානම් බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විසින් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘අපි අද දවස සලකන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය මිය ගිය දිනය හැටියටයි. රටක ව්‍යවස්ථාවක් තියෙන්න ඕන ජනාධිපති හෝ ඇමතිවරුන් ශක්තිමත් කරන්න නොවෙයි, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. අවංකව දේශපාලනය කරනවා නම් තිබුණු ව්‍යවස්ථාවේ ඊට වුවමනාවටත් වඩා බලතල තිබෙනවා. එවැනි වෙලාවෙක මේ සංශෝධය ගෙන එන්නේ තව දුරටත් කියවන්න... (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=7781:2010-09-08-11-11-00&catid=34:2008-10-13-08-28-51&Itemid=27)
-
ආණ්ඩුවේ උද්ඝෝෂණයට පැමිණි අයට ...
ව්‍යවස්ථා සංශෝධනයට සහය පළ කිරීම සඳහා ආණ්ඩුව විසින් සංවිධානය කළ විරෝධතාවය සදහා පැමිණි පිරිස් කොළඹ වරයා නැරඹීම සදහාද රැගෙන ගොස් ඇති බව වරාය ආරංචි මාර්ග පවසයි. එහිදී ඔවුනට වරායේ වියදමින් දිවා ආහාරයද ලබාදීමට කටයුතු කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කළේය. මේ අතර උද්ඝෝෂණයට සඳහා සෙනග ගෙන්වා ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබූ බව ලංගම ආරංචි මාර්ග වාර්තා කරයි.
-
18 ට එරෙහි එ.ජා.ප.යේ උද්ඝෝෂණය මීටර් 200න් ...
18 වන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පා එක්සත් ජාතික පක්ෂය විසින් අද දිනයේ විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. සිරිකොතින් ඇරඹි එම විරෝධතාවය ඊට මීටර් 200ක් පමණ දුරින් වූ බංගලා හංදිය වෙත පැමිණ ඇති අතර එහිදී මිනී පෙට්ටියකට සහ පඹයකුට ගිනි තබා ඇත. එහිදී පොලිස් නිලධාරියකුගේ නිල ඇදුමකටද ගිනි ඇවීලී ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව උද්ඝෝෂකයින් නැවත සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණ ඒ ඉදිරිපස විරෝධතාවයේ යෙදුන බවද වාර්තා වේ. කෙසේ වෙතත් මූලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කිසිවෙකුත් සහභාගී නොවීම කැපී පෙණිනි.
-
මහින්දගේ සැකය දුරුකරන්න රනිල් ...
අද දිනයේ පැවැත්වෙන 18 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම රහසිගතව පැවැත්වීමට ඉඩ නොදී එය නාමිකව පැවැත්වීමට ආණ්ඩු පක්ෂය ගත් තීරණයට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැවසුවේ අද දිනයේ ඡන්ද විමසීම රහසිගත ලෙස සිදු කළේ නම් ඊට විරුද්ධව ඡන්දය ලබාදීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රාශියක් සූදානමින් සිටි බවයි. එමෙන්ම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැත්වෙන විවාදය සහ ඡන්ද විමසීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය මඟින්ද වක්‍රාකාරයෙන් එම සංශෝධනයට සහය පළ කිරීමක් කර ඇති බවද එම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ වගකීම් සම්පන්න විපක්ෂයක කාර්යභාරය වන්නේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව එක්කළ හැකි සියලුම බලවේග සමඟ ඊට විරෝධය පෑම මිස එයින් මඟහැර යාම නොවන බවයි.
-
ඉන්දියාවේ ස්පයිස් ජෙට් සමාගමත් ...
ඉන්දියාවේ දෙවන විශාලම අයවැයට හිමිකම් කියන මගී ගුවන් සමාගමක් වන ස්පයිස් ජෙට් සමාගම ලබන ඔක්තෝම්බර් 09 සිට දිනපතා චෙන්නායි නුවර සිට කොළඹට ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. මෙම සමාගමට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට අවසර හිමිවීමත් සමඟම කොළඹට පියාසර කිරීමට සැලසුම් සකස් කර තිබේ. කොළඹ සිට චෙන්නායි දක්වා ගුවන් ටිකට් පතක් රුපියල් 5,098 කටත්, චෙන්නායි සිට කොළඹ දක්වා ගුවන් ටිකට් පතක් රුපියල් 3,185 කටත් මේ වනවිට සමාගම විසින් අන්තර් ජාලය ඔස්සේ අලෙවි කරමින් සිටින බවත් මේ අනුව කොළඹ සිට චෙන්නායි ගොස් නැවත පැමිණීමට සියළු බදු ඇතුළත්ව රුපියල් 8,283 ක මුදලක් අයකරන බවත් ස්පයිස් ජෙට් ගුවන් සමාගම පවසයි. එසේම ලබන ඔක්තෝබර් 07 වනදා සිට නේපාලයේ කත්මන්ඩු දක්වාද ඔවුන් ගුවන් ගමන් ආරම්භ කරන බවත් පවසා ඇත.
Ampara Headlines
-
Mark Earth Hour All government institutions have been requested to switch off lights from 8:00 p.m. to 9:00 p.m. 27th of March 2010 to mark Earth Hour - Environment Ministry This news from "Adaderana" Earth Hour...
-
Earthquake Minor quake strikes off Sri Lanka
- 1